gossip lanka

යහපාලන කොඩිවිනය නිසා අප පැරදුනා.. එහි වගකීම් සම්පුර්ණයෙන්ම රනිල් වික‍්‍රමසිංහ දැරිය යුතුයි - ෆොන්සේකා

යහපාලනය යනුවෙන් කොඩිවිනයක් කරේ දමාගෙන පසුගිය වසර කිහිපය තුළ තමන්ට ඡන්දය දුන් ජනතාව අමතක කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ සඳහා සම්පූර්ණ වගකීම ගත යුත්තේ එවකට පැවති තම රජය බව ද ඔහු සඳහන් කළේය.


එයින්ද 99% වගකීම භාරගත යුත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව ද ඔහු පැවසුවේ ය.

පැවති තම රජය බොහෝ වැරදි කළ බවත් ඒවායේ ප්‍රතිඵල අවසානය නෙලා ගැනීමට සිදුවූ බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කිරිබත්ගොඩ නගරයේ දී පැවති ජන හමුවක් අමතමිනි.
gossip lanka