gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එස්.බී.-ඩිලාන්-විජයමුණි - ලක්ෂ්මන්ටත් වැඩ වරදී !

පක්ෂ විනය කඩකළ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය එළැඹෙන 18 වැනිදා අවසන් තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ආසන මට්ටමින් තරුණ බලමණ්ඩල පිහිටුවා ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීමට මේ වනවිට කටයුතු කරන බවද පක්ෂයේ ජේ‍යෂ්ඨයකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගේ අධීක්ෂණයෙන් විශේෂ කමිටුවක් හරහා එම සංවිධායකයන් තෝරා ගන්නා බවද ජයසේකර මහතා පැවැසීය. පක්ෂ සංවිධායකවරුන් ලෙස ශ්‍රී ලනිපයට සම්බන්ධවීමට අදහස් කරන පිරිස් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නමට ශ්‍රී ලනිප මූලස්ථානය වෙත ඉල්ලුම්පත් යොමුකරන ලෙසද දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ශ්‍රී ලනිපයට අද අවශ්‍ය වී ඇත්තේ රටට වැඩ කළ හැකි දක්ෂ තරුණ නායකයන් බිහිකර ගැනීම බවද විද්වතුන් රාශියක් ආසන සංවිධායකවරුන් ලෙස පක්ෂයට සම්බන්ධවීමට සූදානමින් සිටින බවද ජයසේකර මහතා පකාශ කළේය. ඊයේ (14දා) ශ්‍රී ලනිපය මූලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka