gossip lanka

කොරෝනා බවට සැකපිට ඉතාලියේ සිට පැමිණි ලාංකිකයින් දෙදෙනෙක් IDH රෝහලට

නව කොරෝනා වෛරසය ආසාධිතවූ බවට සැක කෙරෙන ලාංකිකයින් දෙදෙනක් අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර තිබෙනවා. IDH රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කලේ මෙම පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.


මේ වන විට එම පුද්ගලයින් දෙදෙනාගේ සාම්පල් බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යවා ඇති බවයි IDH රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කලේ.

මෙම පුද්ගලයින් දෙදෙනාට උණ සහ කැස්ස රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
gossip lanka