gossip lanka

සිරිසේන ඇතුලු ආප්ප නඩයට අපි මෙවර ආප්ප කවනවා.. මුළු රටෙන්ම සංවිධානය වී ආප්ප නඩය පරදවනවා - රොෂාන් රණසිංහ

2015දී ආප්ප කා පැන ගියවුන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මෙවර මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම සමග සන්ධාන ගත වූ බව ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ආප්ප කා පැන ගිය සියළු දෙනාට මෙවර මැතිවරණයේදී පාඩමක් ඉගැන්වීමට ජනතාව කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.


තම පාර්ශ්වයට වැදගත් වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහු සමඟ ආප්ප කෑ කණ්ඩායම නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ඉතිරි වී සිටින සුළු පිරිස බවද ඇමතිවරයා කීය.

එම ජනතාව ඉතා කැමැත්තෙන් තම සන්ධානයට එක් කරගන්නා බවත් නමුත් ආප්ප කා පැන ගිය රංචුවම මෙවර මැතිවරණයෙන් පරාජය කර ගෙදර නවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

හිරු රූපවාහිනියේ පැවැති බලය දේශපාලන සංවාදය සමඟ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

සිරිසේන මහතා ඇතුළු පිරිස මෙවර සන්ධානයට එක් කර ගත්තේ ඔවුන්ටද ආප්ප න්‍යායෙන්ම පිලිතුරු දීමට බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.
gossip lanka