gossip lanka

රවී, අර්ජුන ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් උපදෙස්

2016 වර්ෂයේ සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු අධිකරණයෙන් ලබා ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයට නියෝග කර තිබෙනවා.


2016 මාර්තු බැඳුම්කර වෙන්දේසියට අදාළව කුමන්ත්‍රණය කිරීම, සාපරාධී අයථා පරිහරණය, ​​වංචා සහ අයථා ලෙස වෙළඳපල හැසිරවීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු ලබා ගැනීමට නියෝග කර ඇති බවයි  නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කර සිටියේ.
gossip lanka