gossip lanka

ජනාධිපති පොහොට්ටු සාමාජිකත්වය ගනී.. පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවටත් ගොඩවේ

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ වේදිකාවට ගොඩ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් බලයට පත්වූයේ එම බලවේගය පෙරටුකරගෙන නිසා තමන් අනිවාර්යෙන්ම එම වේදිකාවට එක්වන බවද ඔහු සඳහන් කළේය.


තමන් මේ වන විටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයෙකු බවත් ජනාධිපතිවරණයට පෙර එහි සාමාජිකත්වය ලබාගත් බවත් ඔහු පැවසීය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබාගැනීම තම අරමුණ බව ද ඔහු කියා සිටියේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.
gossip lanka