gossip lanka

එක්සත් ජාතික පක්ෂයේ මායන්කාරයෝ අද බලවේග ගැන කතාකරනවා - හිටපු කැබිනට් අමාත්‍ය ජයරත්න හේරත්

අද සමගි බලවේග, අර බලවේග, මේ බලවේග කියලා එක්සත් ජාතික පක්ෂයේ මායන්කාරයෝ ටිකක් බලවේග ගැන කතාකරනවා. ඉතිහාසයේ ඉඳන් මොකක් හරි බලවේගයක් ගෙනල්ලා අසාමාන්‍ය කතා කියලා අසාමාන්‍ය දේවල් කරන්න උත්සහ කරපු එක තමයි එයාලා කරේ  යැයි හිටපු කැබිනට් අමාත්‍ය පොදුජන පෙරමුණේ  කුරුණෑගල ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කලේ 2019-03-10 කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ ජනහමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ , අපේ ජයග්‍රහණයෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ  සංවර්ධන කටයුතු වල  පසුගිය ආණ්ඩුවේ සමහරු හිරකරපු , මගින් නවත්වපු  වැඩ සියල්ල සම්පූර්ණයෙන් ඉවරකරන්න දැනටමත් කටයුතු ස්ථාපිත කරලා ඉවරයි. ඒ නිසා තමුනන්න්සේලා මතක තියාගන්න අපිට අපේ දිස්ත්‍රික්කය සංවර්ධිත පලාතක් බවට පත්කිරීමේ මෙහෙවර වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් නොමද සහයෝගයක් ලැබෙනවා.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඉහලින්ම සතුවෙන්නේ මම.  මම අපේ පක්ෂයේ බලධාරීන් එක්ක ඉදිරි වැඩ පිළිඹඳ  සකච්ඡා කරද්දී ඒ අය මට නිතරම උපදෙස් දුන්නේ අගමැතිතුමාගේ නායකත්වයෙන් සංවර්ධනය වන කුරුණෑගල දිස්ත්‍රික්කයට හොඳ කළමනාකරණයක් ඇති යොජනා ඉදිරිපත් කරන්න කියලා. අපි ඒ සියල්ල මේ වෙනකොටත් තීරණය කරලා හමාරයි.

අද සමගි බලවේග, අර බලවේග, මේ බලවේග කියලා එක්සත් ජාතික පක්ෂයේ මායන්කාරයෝ ටිකක් බලවේග ගැන කතාකරනවා. ඉතිහාසයේ ඉඳන් මොකක් හරි බලවේගයක් ගෙනල්ලා අසාමාන්‍ය කතා කියලා අසාමාන්‍ය දේවල් කරන්න උත්සහ කරපු එක තමයි එයාලා කරේ. එයාලා අසාමාන්‍ය දේවල් කරද්දී අපි සාමාන්‍ය විදියට  මනා විඥ්ඥානයකින් යුතුව ගම, නගරය සහ රට ගැන හිතලා වැඩකළ යුතුයි. වයඹ යන අතට රට යන නිසා මිත්‍රවරුනි මේ මැතිවරණයේදී අපි වයඹින් හරියටම  සංවර්ධනයේ පාර  රටට පෙන්වා දිය යුතුයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනතා ආශිර්වාදයත් ගෝඨාභය ජනාධිපතිතුමාගේ මනා කළමනාකරණයකින් යුතු දැක්මත් නිසා ස්ථීර වශයෙන්ම අපට මීළඟ පරම්පරාවලට රටක් ඉතුරු කරන්න පුළුවන් වෙලා තිබෙනවා.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ශාඛා සමිති නියෝජිතයන්, තරුණ බලමුළුවල සාමාජිකයන් , කාන්තා සංවිධාන වල නියෝජිතවරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
gossip lanka