gossip lanka

රනිල් මාවත් රවටා තිබෙනවා - කරුත් රනිල්ව අත හරී !

එළඹෙන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා වෙත තුන්වන පාර්ශවයක් හරහා කළ ඉල්ලීම ජයසූරිය මහතා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.


පාර්ලිමේන්තුව විසුරවූ ඉකුත් දෙවැනි දිනට පෙර දින රවී කරුණානායක, නවින් දිසානායක හා රාජිත සේනාරත්න යන මහත්වරුන් ජයසූරිය මහතා මුණ ගැසී එජාප නායකයාගේ ඉහත යෝජනාව ඉදිරිපත් කොට තිබේ.

එහිදී දීර්ඝ කරුණු දැක්වීමක් කර තිබෙන ජයසූරිය මහතා තමාවද කීප වතාවක් රවටා ඇති බවත්, තමාටද අසාධාරණකම් රැසක් සිදු කොට ඇති බවත් පෙන්වා දී ඇති අතර මීට ටික දිනකට පෙර පක්ෂයේ අර්බුධය විසඳීම සඳහා තමන්ට නායකත්වය දෙන ලෙස ඉල්ලා සිටි බවත් ඉන්පසු ඒ ගැන කතා කිරීමට වික්‍රමසිංහ මහතා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවද සඳහන් කොට ඇත.

කැඩුණු පක්ෂයක අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙන් පලක් නැති බව එහිදී ජයසූරිය මහතා පවසා ඇති අතර එහි පැමිණි සිටි ඉහත සඳහන් මන්ත්‍රීවරුන් තිදෙනා ජයසුරිය මහතාට තමන්ගේ ස්ථාවරය වෙනස් කරන ලෙස බැගෑපත් වී ඇති බවද වාර්තා වේ.

ඉහත පිරිස ජයසූරිය මහතා හමුවීමට පෙර එජාපයේ දැනට ඉතිරිව සිටින හිටපු මන්ත්‍රීවරු පිරිස අග්‍රාමාත්‍ය අපේක්ෂයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් වන ලෙස කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
gossip lanka