gossip lanka

නීතිය ක‍්‍රියාත්මකයි.. නිරෝධායනයට එරෙහි විරෝධතා කල මඩකලපු චණ්ඩි රොත්තක් අත්අඩංගුවේ !

මඩකලපුවේ පිහිටා ඇති නිරෝධාන මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා දැක්වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මඩකලපුව රෝහල ඉදිරියේ මෙම පිරිස උද්ඝෝෂණය කරන ලද්දේ කොරොනා රෝගීන් යැයි සැක පුද්ගලයන් මෙම රෝහලට ඇතුළත් නොකළ යුතු බව පවසමිනි.


විරෝධතාකරුවන් විසින් රෝගීන් රැගෙන එන ගිලන්රථ වලට පවා රෝහලට ඇතුල් වීමට ඉඩ නොදුන් බවද පොලිසිය සඳහන් කරයි.

ඇති වී තිබෙන තත්ත්වය පාලනය සඳහා විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති අතර ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ද ඇතිව තිබේ.
gossip lanka