gossip lanka

වරෙන්නතුව අහෝසි කරන්නැයි රවීගෙන් පෙත්සමක් !

තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කරන ලද වරෙන්තුව අත්හිටුවන්නැයි අන්දමින් හිටපු ඇමැති රවී කරුණානායක මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් විසින් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත අද පෙරවරුවේ ගොනු කර ඇත.


මේ අතර වාර්තා වන්නේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක හා පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු අද හෝ හෙට දින අධිකරණයට බාර වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර මේ වනවිට දින තුනක් ගත වී ඇත.

පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් සිදුකළ ද ඔවුන් මෙම කාලය පුරාම නිවෙස්වල නොසිට සැඟවී සිටිති.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙම දෙදෙනා ඇතුළුව තවත් සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 06 වැනිදා මෙම වරෙන්තුව නිකුත් කරන ලදී.
gossip lanka