gossip lanka

සජිත් පි‌‌ලේ අපේක්ෂක ලැයිස්තු‌වෙන් ‌කාන්තාවන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්

ඉදිරියේදි පැවැත්විමට නියමිත මහ මැතිවරණයේදි  සමගි ජන  බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ   අපේක්ෂක ලැයිස්තුව තෝරාගැනීමේදි   පුරුෂාධිපත්‍ය  විසින්  කාන්තාවන් ඉවත් කිරීමේ  කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින  බව  මාතලේ දිස්ත්‍රික්  එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිණි කුමාරි   විජේරත්න මහත්මිය පැවසුවාය.


මන්ත්‍රිවරීය මේ බව පැවසූවේ රත්තොට කම්බිඅඩිය පිහිටි සිය කාර්යාලයේදි ඊයේ (10) පැවති පාක්ෂිකයින් දැනුවත් කිරිමේ රැස්විමකට එක්වෙමිනි. මාතලේ දිස්ත්‍රික්කයේ සිය පක්ෂයේම පිරිසක් විසින් මෙම කුමන්ත්‍රණය අරඹා ඇති  බවත් තමන් කෙසේ හෝ පාර්ලිමෙන්තුවට තේරි පත් වන බවත් ඇය කීවාය.

වැඩිදුරටත් අදහස් දැක්වු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙසේද  පැවසූවාය.

"අතැම් අය පරාජයට බිය වි මාව ලැයිස්තුවෙන් කපා දමන්න කටයුතු කරනවා.මේක ලැජ්ජාසහත තත්වයක්.කාන්තවන්ට නිසි තැන දෙන්න කතා කරනවා.පාර්ලිමෙන්තුව පළාත් සභාව ප්‍රාදේශිය සභාවන් සදහා කාන්තා නියෝජනය වැඩි කිරිමට කටයුතු කරනවා කිවත් අද නාම යෝජනා ගන්නම දැඩි කැපවිමක් කරන්න ඕන. සජිත් ප්‍රේමදාස මහත්තයා පහුගිය කාලයේ බෙදාදෙන සිමෙන්තිවලින් අපි  ගෙවල් වලට ගිහින් අපි රුපියල් 500 ගානෙ එකතු කරපු නැති නිසා හින්දද? නැත්නම් ගම්පෙරළිය සහ අනෙකුත් ව්‍යාපෘතිවලින් 10% - 5% කොමිස් ගත්තේ නැති නිසාද? නැත්නම් රස්සා සල්ලිවලට විකුණුවේ නැති නිසාද කියලා මම අහන්න කැමතියි.මේවා මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව තිරණය කරයි.මාතලේ දිස්ත්‍රික්කයේ පසුගිය පාර්ලිමෙන්තු නිල කාලයේ වැඩිම වාර ගණනාවක් කතා කළේ මමයි.

මාතලේ දිස්ත්‍රික්කයේ වචනයක්වත් කතා කළේ නැති මන්ත්‍රිවරුන් ඉන්නවා.මේ ය නැවත පත් කරනවාද? කියන එක ජනතාව තින්දු කළ යුතුයි.සජිත් ප්‍රේමදාස මහත්තයා මේ දේවල් පිළිබදව අවබෝධයෙන් ඉන්නේ. සමගි ජන බලවේගයෙන් හෝ වෙනත් කුමන ලකුණකින් ඡන්දය ඉල්ලුවත් පාර්ලිමේන්තුවට තේරි පත් වන එක නවත්වන්න බැහැ.ජනතාව මේ දේවල් ගැන දන්නවා.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලෙන්, ලග්ගලින් ,රත්තොටින් , මාතලේ  ආසන යන ආසන හතරෙම මගේ සැමියා සංජීව කවිරත්න මහත්තයා මිනිස්සු හම්බ කළා .  මිනිස්සු හැම තැනම අපිට ඉන්නවා ඒ නිසා ඉදිරි මැතිවරණයට කොහෙද තරඟ කළත් මට ප්‍රශ්නයක්  නෑ.  හැබැයි බොහෝදුරට තව දින කිහිපයකින් ලොකු තීන්දුවකට තීරණයකට යන්න වෙනවා "
gossip lanka