gossip lanka

උකුසු සිරිසේනට විරෝධය පාමින් ශ‍්‍රීලනිප ලොක්කන් 06ක් පොහොට්ටු සාමාජිකත්වය ඉල්ලයි

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු පමණ කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීම සඳහා සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානියෙකු සමඟ මෙම සාකච්ඡාව පැවැත්වූයේ යැයි ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.


එහිදී ප්‍රධාන වශයෙන් ම ඔවුන් පවසා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකරන ලද ප්‍රකාශයට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම තීන්දුව ගත් බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ නොසන්ඩාල උකුසු ප්‍රකාශය හේතුවෙන් තමනට පොදුජන පෙරමුණේ අනුකම්පා සහගත මනාපය හෝ නොලැබෙන තත්ත්වයක් ඇති වී තිබෙන බව ඔවුන් පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රසිද්ධියේම එක්වීම සඳහා ඔවුන් අවස්ථාවක් ඉල්ලා ඇත.
gossip lanka