gossip lanka

සියළු පුහුණු පාඨමාලා තාවකාලිකව අත්හිටුවයි - විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හදිසි නිවේදනයක්

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මතු වී ඇති තත්ත්වය සලකා සියළු පුහුණු පාඨමාලා තාවකාලිකව අත්හිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.

ජනතාව ඒකරාශීවීම වැළැක්වීම සහ සංචරණය වීම අවම කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹුණු බවයි එම කාර්යාංශය නිවේදනය කළේ.


ඒ අනුව නේවාසිකව රැදී සිටින සියළු පුහුණුලාභීන්ට තම නිවෙස් වෙත යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාර්යාංශය දැනුම් දෙනවා.

එසේම කොරෝනා වෛරසය පාලනය වනතුරු ශ්‍රී ලංකා ශ්‍රමිකයින් විදේශ ගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට ද විදෙස් සේවා නියුක්ති කාර්යාංශය තීරණය කළා.
gossip lanka