gossip lanka

ඉතාලියේ දී කොරෝනා ආසාදනය වු ලාංකික කත රෝහලෙන් පිටව යයි

ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇත.

ඒ අනුව අදාළ කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන් පිටව සිය නිවස වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.


ඇය ඉතාලියේ බ්‍රේෂියා හි රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.

46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී සිටි අතර ඇය කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට හඳුනාගත් පළමු පුද්ගලයා විය.

gossip lanka