gossip lanka

පාර්ලිමේන්තුව විසුරුවීම සුමනදාසගේ සුබ නැකතකින් ?

පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා වන බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුනු වහාම එය ඉතා ඉක්මනින් විසුරුවා හැරුනු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේ ලැබෙන පළවෙනි අවස්ථාවෙම ඔවුන් විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යනු ඇති බවයි.


මැතිවරණය ප්‍රමාදවන තරමට ආණ්ඩුව අප්‍රසාදයට පත් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මැතිවරණය පවත්වන දිනය දිනකින් හෝ දෙකකින් වෙනස් විය හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නැකැත්කරුවා වන සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවන වේලාව නැකැත් වේලාව තීරණය කරනු ඇති බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා කියා සිටියේ ගම්පහ දී පැවති ජන හමුවක් අමතමිනි.
gossip lanka